දරුවන් රෝග වලින් ආරක්ෂා කර ගැනීමට හා මනා පෝෂණයක් ලබා දීම සඳහා පරම්පරාවෙන් අපට හිමි වූ ආහාර සංස්කෘතියක් තිබූ බවත් මේ වන විට එම ආහාර සංස්කෘතිය මාධ්‍ය විසින් විනාශ කර දමා ඇති බවත් ආයුර්වේද වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චි පවසයි.
පෝෂණය ගැන මනා අවබෝධයක් නොමැති පුද්ගලයින් මාධ්‍ය ඉදිරියට පැමිණ දරුවන්ට ලබා දිය යුතු ආහාර මොනවාද යන්න පිලිබඳ විවිධ නිර්නායකයන් ඉදිරිපත්කිරීමත් දරුවන් මන්දපෝෂණය කරා රැගෙන යාමට හේතුවක් වී ඇති බව ඔහු කියයි.
දරුවෙකුගේ ආහාර පිඟාන තුළ අන්තර්ගත විය යුතු මස් මාළු බිත්තර ප්‍රමාණයන් තීරණය කරමින් ඉදිරිත් කරන නිර්ණායකයන් එදා අපේ ආහාර සංස්කෘතිය තුළ නොතිබූ බැවින් දරුවාට ඒ ඒ දේශගුණික කාලයන් වලදී ලබාදිය යුතු හා නොදිය යුතු ආහාරයන් මොනවාද යන්න පිලිබදව මනා අවබෝධයකින් වත්තේ පිටියෙන් සොයා ගන්නා ආහාර රටාවකට දරුවන් යොමු කිරීමෙන් ඔවුන් මනා පෝෂණයකින් වැඩුණු අතරම රෝගවලින්ද ආරක්ෂා වූ බවත් වෛද්‍ය ගීගනආරච්චි පෙන්වාදේ
මස් මාළු බිත්තර , පිටිකිරි වෙනුවට කුරක්කන්, කොළ කැඳ , මුරුංගා කොල කතුරුමුරුංගා කොළ ආහාරයට එකතු කර ගන්නේ නම් ප්‍රෝටීන් බොහෝ ප්‍රමාණයක් සිරුරට ලබා ගත හැකි බව වෛද්‍යවරයා සඳහන් කරයි.







