ලලිත් චාමින්ද –
ආන්දෝලනයට ලක්වු චින පොහොර නෞකාවේ නියැදි ගෙන්වාගෙන රසායනාගාර පරික්ෂාවන්ට ලක්කිරීමට පෙර තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් සැපයුම්කරුගෙන් පොහොර ගෙන්විමට නිර්දේශ ලබා දි තිබු බව ජාතික විගණන කාරයාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
2021 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිද දින මේ සඳහා අනුමැතිය ලබා දි තිබුණි. ජාතික ශාක ආරක්ෂක පනතට හා ශ්‍රිලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට අනුව ජිවානුහරණය කළ පොහොර සැපයීමට ඇති හැකියාව හා අපේක්ෂිත පොහොර පුර්ව සුදුසුකම් ලේඛන හා ලංසු ලේඛන සඳහන් ප්‍රමිතියෙන් යුක්තවන්නේ ද යන්න නියැදි ගෙන්වා ගෙන රසායනාගාර පරික්ෂණයන්ට ලක්කිරීමට පෙර තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් පොහොර ගෙන්වීමට නිර්දේශකොට තිබුණි.
එමෙන්ම තාක්ෂණික ඇගයිමේ කමිටුවේ සභාපතිවරයා පමණක් එක් එක් ලංසුකරුගේ පුර්ව සුදුසුකම් පරික්ෂාවට අදාල ලියකියවිලිවලට අත්සන් තබා ඇති බැවින් අනිකුත් තාක්ෂණික ඇගයිම් කමිටු සමාජිකයින් තාක්ෂණික ඇගයිම්වලට සහභාගිවී නොතිබුණු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙම නිර්දේශ ලබාදීමේ දී කෘෂිකර්ම අමාත්‍යංශයේ සාමාජිකයන්ට හා තාක්ෂණික ඇගයිම් කමිටුවේ සාමාජිකයින්ට ආනයනික පොහොර වර්ගයේ සංඝටකයන් පිළිබඳව ප්‍රමාණවත් ලෙස දැනුම්වත් කර නොතිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
එම නිසා සැපයුම්කරුවන් විසින් ලබාදුන් තොරතුරුමත තීරණ ගැනීමට සිදුවු බව සඳහන්කරමින් ඉදිරියේ දි නැවත මෙවැනි ආකාරයේ ප්‍රසම්පාදනයක් සිදුකිරීමට නුසුදුසු බව සඳහන් කරඇත.
මේ නිසා තාක්ෂණික ඇගයිම් කමිටුවේ තිරණයක් මත මෙම සැපයුම්කරු තෝරාගැනීම හා පොහොරවල ප්‍රමිතිය තීරණය කිරීම ඇතුළු තාක්ෂණික ඇගයිම් කමිටුවේ ක්‍රියාකාරිත්වය නිසිලෙස සිදුවී නොමැති බව නිරික්ෂණය වන බව විගණන වාර්තාවේ සඳහන් වේ
තාක්ෂණික ඇගයිම් කමිටුව සභාපතිවරයා ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය පි.අයි යාපා කටයුතු කරඇත.
සෙසු සමාජිකයින් ලෙස මහාචාර්ය උදිත් ජයසිංහ උපකුලපති ශ්‍රිලංකා වයඹවිශ්ව විද්‍යාලය. (2021.06.04 දින දක්වා පමණි) ආචාර්ය අජන්තද සිල්වා අධ්‍යක්ෂක ජනරාල් කෘෂිකර්ම දේපාර්තමේන්තුව. ආචාර්ය යසන්තා මාපටුන ව්‍යාපෘති අධ්‍යක්ෂක කුඩා පරිමාන කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන. ප්‍රියංගා දිසානායක අංශ ප්‍රධානී පංශු හා ශාක පෝෂණ අංශය – තිරසාර කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය, එස් එල් ජි බන්දුසිරි මුල්‍ය කළමනාකරණ විශේෂඥ දේශගුණ සුහුරුවාරි කෘෂිකර්ම ව්‍යෘපෘතිය, (2021 06.10 සිට ) කටයුතු කර ඇත.







