ලලිත් චාමින්ද –
පිටිගල තිත්තරගොඩ ප්‍රදේශයේ පියකු විසින් ඊයේ රාත්‍රී (21) සිය පුතුට පොල්ලකින් පහර දී ඝාතනය කොට ඇති බැව් පිටිගල පොලිසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇති පූතු හතළිස් හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි. පියා 63 හැවිරිදි වියේ පසුවන අයෙකි.
දෙදෙනා අතර ඇතිවූ ඇතිවූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පියා සහ පුතු බීමත්ව නිතර ආරවුල් කරගන්නා බැව් පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්ධව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







