කොරියානු ධීවර ක්ෂේත්‍රෙය් රැකියා 1047ක් මේ වසර තුළදී මෙරට ශ්‍රමිකයින්ට ලබා දෙන බවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට කාර්යාලය සහතික වී ඇත.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කිරීමට සඳහා ගිය අවස්ථාවේදී, එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්යක්ෂවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි අමාත්‍යාංශය කියයි. .
ඒ සදහා වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ඔක්තෝබර් මසදී පැවැත්වේ.
මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටි ශ්‍රමිකයින් සඳහා ලබන වසරේදී වෙනත් ක්ෂේත්රයකින් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමටද කටයුතු කරනු ඇත.







