අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළි ගණින ඡන්ද ප්‍රතිඑලයක් ගැන තම දේශපාලන දිවියම ඔට්ටුවට තියන්න රෝහිණි ලෑස්තියි

by Lanka Sara Editor
අගෝස්තු 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිඑල නැවත ගණන් කිරීමට කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යවා තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

——————

2020 අගෝස්තු 24

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මහින්ද දේශප්‍රිය මහතා,
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

ප්‍රිය සභාපතිතුමනි,

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිඑල නැවත ගණන් කිරීමට කර ඇති ඉල්ලීම සම්බන්ධයෙනි

අළුවිහාරේ රංජිත් ජිනතිස්ස හිටපු මන්ත්‍රීතුමා විසින් මාතලේ ඡන්ද නැවත ගණන් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වෙන්නේය යන උපකල්පනය මත ය. මැතිවරණ දිනය, ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් එම විශ්වාසය මා දන්නා තරමින් නම් මෑත ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කඩවී නැත.

ඡන්ද 312,576 ක් නිවැරදිව ගණන් කර වාර්තා තැබීමට මාතලේ රාජ්‍ය සේවකයින්ට හැකි බව මම හොඳින්ම දනිමි. රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇත්තේ නිසි ලෙස විභාග සමත්ව, ගණිතය ඇතුළු විෂයන් සමත්, උගත් පිරිසකි. ඔවුහු රාජකාරි අත්දැකීම්වලින්, තම කුසලතාව වර්ධනය කර ගෙන ඇති පිරිසක් ද වෙති. මනාප ඡන්ද 74,000 කට අඩු සංඛ්‍යාවක් ගණන් කර වගුගත කර, අතින් ද, ගණක යන්ත්‍ර මගින් ද, පරිගණක මෘදුකාංග මගින් ද, තහවුරු කර ගත් ප්‍රතිඑලයක් ලබාදීමට ඔවුන් සතු දැනුම ප්‍රමාණවත් වන්නේය යන්න මාගේ ද, මාගේ කාර්ය මණ්ඩලයේ ද විශ්වාසය යි.

අප පක්ෂයේ ද, මා විසින් නම් කරන ලද ගණන් කිරීමේ නියෝජිතයින්ට ද ඡන්ද ගණන් කිරීම ක්‍රමවේදය, කාර්ය පටිපාටිය හා කාර්ය සාධනය පිළිබඳ ගැටළුවක් නැත. මාතලේ

ගණන් කිරීමේ නිලධාරීන්, ගණන් කිරීම් සහායකයින් විසින් තේරීම් භාර නිලධාරිවරයා වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව වෙතත් ලබාදී ප්‍රකාශයට පත් කොට ඇති ප්‍රතිඑලය ගැන මම සෑහිමකට පත් වෙමි.

එක් පක්ෂයකින් මාතලේට 8 දෙනෙකු නාම යෝජනා දෙන අතර, නිතරගයෙන් පක්ෂයක් ජයගත්ත ද, අපේක්ෂකයින් තිදෙනෙකුට මන්ත්‍රීධූර හිමිවන්නේ නැත. පරාජයක සිත් තැවුල වසන් කර ගැනීම වෙනුවෙන්, මැතිවරණ ක්‍රමය පිළිබඳ විශ්වාසය බිඳ දැමීම විහිළු සහගත නමුත් අනුකම්පා කළ යුතු තත්වයකි. ක්‍රමන්ත්‍රණයක් මඟින් ඡන්දය ජය පරාජය තීරණය වන්නේ නම්, මැතිවරණ කාර්යය පසෙකලා මේ රටේ සියළු දේශපාලන පක්ෂ හා අපේක්ෂකයෝ කුමන්ත්‍රණ පමණක් කරනු ඇත්තේය.

අකුරණ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ දී, අධිකරණ නියෝගයකින් ඡන්ද නැවත ගණන් කළ බව දනිමි. නමුත්, නැවත ඡන්ද ගණන් කළ කිසිදු අවස්ථාවක ජයග්‍රාහී පක්ෂය හෝ මනාප ලැයිස්තුව වෙනස් වූ බවක් නම් මා දන්නා ඉතිහාසයේ නැත. රාජ්‍ය නිලධාරින්, අධීක්ෂණ නිලධාරීන් හා පක්ෂ නියෝජිතයින් ඉදිරිපිට ඡන්ද ගණන් කිරීමේ දී දුෂණ සිදු නොවන්නේය යන විශ්වාසය මත, පසුගිය මැතිවරණ දෙකේදීම මම නිවෙසට වී විවේක ගැනීම පුරුද්දක් කොට ගතිමි. ප්‍රතිඑල ප්‍රකාශ කරන අවස්ථාවේ දී ජය පරාජය දැන ගැනීමට එක්වූවෙමි. 2015 මෙන්ම, 2020 ද මා ජයග්‍රහණය කළේය. ජයග්‍රහණයේ පරතරය පමණක් වැඩිවී ඇත. එදා තුන්වන ස්ථානයේ සිටි මම, මෙවර පළමු ස්ථානයට මාතලේ ජනතාව විසින් ඔසවා තබා ඇත.

මෙම මැතිවරණයේ දී, මැතිවරණ කොමිෂන් සභාව, මාතලේ දිසාපතිතුමා හා කාර්ය මණ්ඩලය, ගණන් කිරීමේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සිදු කළ ප්‍රශස්ත රාජකාරියට මම ගෞරව කරමි.

ඡන්ද පෙට්ටියක් නිවැරදිව ගණන් කළ නොහැකි රාජ්‍ය සේවකයින් පිරිසක් මාතලේ ඇතැයි මා නොසිතන අතර, මම ද විශ්‍රාමිකයෙකු වන රාජ්‍ය සේවකයින් එවැනි අවමානයකට කිසි කළෙක ලක් නොවිය යුතු යැයි ද සිතමි. විශ්වාස කරමි.

ඡන්ද ප්‍රතිඑල නිවැරදි බවට ‘කෝටි 50 ට ලක්ෂ 50 ක් ඔට්ටු අල්ලන්නට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වරක් ඉදිරිපත් වූ බව මම අසා ඇත. ඡන්දයට වියදම් කළ පසුව මා අත ඔට්ටු අල්ලන්නට කෝටි 50 ක් තබා ලක්ෂ 50 ක් වත් නැත. නමුත්, නැවත ගණන් කිරීමකින්, පක්ෂ ප්‍රතිඑලය තබා, මනාප ප්‍රතිඑලය හෝ වෙනස් නොවන බවට මම මගේ දේශපාලන ජීවිතයට ඔට්ටු අල්ලන්නට සුදානම් ය. පක්ෂ ප්‍රතිඑලය හෝ මනාප ප්‍රතිඑලය වෙනස් වී ජයග්‍රාහකයින් හා පරාජිතයින් වෙනස් වන්නේ නම්, මම කිසිදා නැවත කුමන හෝ ඡන්දයකට ඉදිරිපත් වන්නේ නැත. මන්ද, තේරීම් භාර නිලධාරියාට, ගණන් කිරීමේ නිලධාරියාට, සහකාර මැතිවරණ කොමසාරිස්තුමිය හා ඇයගේ කාර්ය මණ්ලයට ඡන්ද ප්‍රතිඑල නිවැරදිව ලබා දිය නොහැකි නම් මැතිවරණයකට ඉදිරිපත්වීමෙන් ද එලක් නොවන බැවිනි.

ඡන්දයට වෙහෙස මහන්සි වූ සියළුම රාජ්‍ය නිලධාරීන්ටත්, දිනය පුරා වෙහෙසී ඡන්ද ගණන් කිරීමේ නිරත වූ, මාතලේ ගණන් කිරීමේ නිලධාරීන්ටත්, එයට සම්බන්ධ සියළු කාර්ය මණ්ඩලයටත්, සියළු තරාතිරමේ නිලධාරීන්ටත්, සහායකයින්ටත් පොදුවේ සහ තනි තනිව ස්තුතිය පුද කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාටත් එහි සාමාජිකයින්ටත්, කොමසාරිස් ජෙනරාල්තුමා ඇතුළු සියළුම අතිරේක, නියෝජ්‍ය, සහකාර කොමසාරිස්වරුන්ටත් මාගේ සුබ පැතුම් පිළිගන්වමි.

මෙයට විශ්වාසී,

රෝහිණී කවිරත්න විජේරත්න

පිටපත
1. දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි – මාතලේ
2. කොමසාරිස් ජෙනරාල් – මැතිවරණ කොමිෂන් සභාව
3. සහකාර මැතිවරණ කොමසාරිස් – මාතලේ
4. මාතලේ සියළුම ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය වෙත

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනි නිවන රිය කෝටි 4යි – රක්ෂණය ලක්ෂ 60යි

Next Post

ඊසි කෑෂ්වලට කුඩු විකිණූ හම්බන්තොට වනජීවි නිලධාරියා පොලිසියට කොටුවෙයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.