කීර්ති ප්‍රනාන්දු –
බත් පැකට් එකේ, කිරි තේ එකේ සිට ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් හෙට සිට අඩුවන බව කීවත් කිසිම බේකරි නිශ්පාදනයක මිල ගණන් අඩු නොවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්.කේ.ජයවර්ධන කියයි.
ආපනශාලා හිමියන්ගේ සංගයමය ගත් මෙම වැදගත් ප්‍රවේශයට තමන්ට පිවිසීම සඳහා කිසිම අවකාශයක් නැති බව ද ඔහු පවසයි.
“ප්‍රධානම දේ ඉන්ධන නැතිකම. අවන්වලට ඩීසල් ටිකක් හොයා ගන්න කිසිම ක්‍රමවේදයක් හදලා නෑ . කර්මාන්ත සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචිවෙලා ඩීසල් ගන්න පුලුවන් කියලා කිව්වට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් දන්වන්නෙ තවම ඒ සඳහා චක්‍රලේඛ නිකුත් කරලා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා නෑ කියලා. “
ඔහු පැවසුවේය







