ලකුණු 342ක ජයග්‍රහී ඉල්ක්කයක හඹා යන පකිස්ථානුවන් ගෞරවණීය ජයග්‍රහණයක් සඳහා ප්‍රවේශය සකසා ගනිමිනි.
සිව්වන දිනය නිමා වනවිට පකිස්ථානු කණ්ඩායම කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 222ක් ලබාගෙනය. ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍ය ලකුණු 120කි. ඒ සඳහා කඩුළු 07ක් ඉතිරිව තිබේ. විශිෂ්ට පිතිකරණයකට ප්රවිශ්ඨ වී සිටින අබ්දුල්ලා ෂාෆිකිව් ලකුණු 112ක් ලබාගෙන කඩුල්ලේ නොදැවී හිඳී. ඔහු ඒ සඳහා පන්දු 289කට මුහුණ දී හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් එල්ල කර ඇත.
පළමු ඉනිමේ හුදකලා සටනක නිරත වූ කණ්ඩායමේ නායක බාබර් අසාම් ලකුණු 55කට දැවී ගියේය. කඩුළු රකින මොහොමඩ් රිස්වාන් සහ අබ්දුල්ලා පිටියේ රැඳී සිටිති.
දැනට අති මහත් වූ ගෞරව අත්කරගෙන ඇත්තේ පකිස්ථානුවන්ය.
දැවී ගිය කඩුළු 03න් 02ක් දවා ගත්තේ ප්‍රභාත් ජයසූරිය විසිනි. කෙසේ වෙතත් ගාලු ක්‍රීඩාංගනයේ තරයක අවසන් දිනය අතිශයින්ම තීරණාත්මකය. ඉලක් වෙනස්වන සුළුය.
ජනාධිපතිවරයෙක් තෝරාගෙන රට අලුත් දිශානයතියකට ගමන් කරන හෙට මෙම ටෙස්ට් තරගයේ තීන්දුවත් පැමිණීම විශේෂිතය.







