දිවයින පුරා සියලුම රෝහල් කාර්ය මණ්ඩලය වැඩවර්ජනයකට අවතීර්ණ වී සිටිති.
ඉන්ධන ලබා ගැනීම රාජකාරියට වාර්තා කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා දීම සේවා කාල සටහන් යථාවත් කිරීම සාධාරණ ක්‍රමවේදයක් යටතේ සේවය සැපයීමට පහසුකම් සැලසීම වැනි කරුණු මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
මේ අනුව රටපුරා ජාතික රෝහල් ඇතුළු සමස්ත රෝහල් පද්ධතියම සහභාගි කරගනිමින් වැඩ වර්ජන පැවැත්වීමට තීරණය කළ බවද එම සංගමය පවසයි








