ඒ අනුව මෙම වසරේ දෙවන කාර්තුවේදී චීන ආර්ථික දරුණු කාඩා වැටීමකට ලක්ව ඇති බවත් ඊට චීනය අනුගමනය කළ දැඩි කොරෝනා මර්ධන ප්‍රතිපත්ති හේතුවී ඇති බවත් වාර්තාවේ.
චීනය විසින් පසුගිය කාලයේදී අනුගමනය කළ දරුණු කොරෝනා මර්ධන නීති රීති හේතුවෙන් එරට ප්‍රධාත මූල්‍ය සහ නිෂ්පාදන නගර වලටද දැඩි සංචරණ සීමා පැනවීය. එහි ප්‍රතිඵලයක් ලෙස එම නගරවල කටයුතු සියල්ලම පාහේ නතර විමක්ද වාර්තාවිය.
මේ හේතුවෙන් ජුනි මාසයෙන් අවසන් වූ අවසාන මාස තුනක කාලය තුලදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය පෙර කාර්තුවට සාපෙක්ෂ්වය සියය 2.6ක් පහළ ගොස් ඇත.
වාර්ෂික පදනම මත සලකා බලන විට ලොව දෙවන විශාලතම ආර්ථිකයේ වාර්ධණය සියයට 0.4කින් වර්ධණය වී ඇති අතර එය මීට පෙර චීනය අපෙක්ෂා කළ සියයට 1ක වර්ධන වේගය සාපෙක්ෂව විශාල පහළ අගයක් බවද විශ්ලේශකයින් පෙන්වා දෙයි.
දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ දැරුණු කඩා වැටීමක් පෙන්නුම් කරන බවද ආර්ථික විද්‍යාඥයකු ටොමී වූ පෙන්වා දෙයි. මේ අතර ආර්ථීක විශ්ලේෂකයින් විසින් චීන ආර්ථිකය කඩිනමින් ප්‍රකෘත්ති තත්ත්වයට පත්වනු ඇතැයි අපෙක්ෂා කිරීමට නොහැකි බවද ප්‍රකාශ කරනු ලැබ තිබේ.
එසේම චීන රජය විසින් ආර්ථිකය කඩා වැටීමකට ලක්වුවත තවමත් දැඩි කොරෝනා මර්ධණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් තත්ත්වය දරුණු අතට පත්වීමට හැකියාව පවතින බවද විශ්ලේෂකයින් සඳහන් කරයි.









