පොහොට්ටුව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය පල කරන බවට පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කළ ප්‍රකාශය කිසිවෙක් නොවිමසා කළ අත්තනෝමතික මෙන්ම උදච්ඡ ප්‍රකාශයක් බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ තමන් ඇතුළු 22 යුතු කණ්ඩායමක් මේ වනවිට ඩලස් අලහප්පෙරුම වෙත සහයෝගය පල කිරීමට සූදානම්වී සිටින බවය.
මෙම සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවත් වැඩ බලන ජනාධිපතිවරයාට සහය පල කිරීමට නොහැකිව පක්ෂයේ මෙම තීන්දුවත් සමග දැඩි පීඩාවකට පත්වී සිටින පිරිස පොදුජන පෙරමුණ තුළ සැලකිය යුතු ආකාරයෙන් වැඩි වී ඇති බවය.
සාගර කාරියවසම් මහ ලේකම්වරයා පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත නිකුත් කළ උක්ත නිවේදනයට දැනටමත් පක්ෂයේ සභාපතිවරයාගේ විරෝධය පල වී ඇතැයි ඔහු කීවේය.
කෙසේ වෙතත් වැඩ බලන ජනාධිපතිවරයාට පොහොට්ටුවේ ඡන්දවලින් අන්තර්කාලීන ජනාධිපතිවරයා වීම පහසු නොවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.









