හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් තිබේ.
ලබන 28 වනදා දක්වා එම නියෝගය බලපැවැත්වෙන වෙන බව අධිකරණය දන්වා ඇත.
මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට අමතරව අජිත් නිවාඩ් කබ්‍රාල්, ඩබ්ලියු. ඩී. ලක්ෂ්මන්, සහ එස්.ආර්.අටිගල යන තිදෙනාට එරෙහිව ද මෙම අධිකරණ නියෝගය ලැබී ඇත.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශන සිදුකරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, සහ ටී.බි. දෙහිදෙනිය යන විනිසුරුවරු මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ඇතුළත් වූහ.
UPDATE: Counsel for the Petitioners conclude submissions asking the Supreme Court to impose overseas travel restrictions on Mahinda Rajapakse, Basil Rajapakse, WD Lakshman, Ajith Nivard Cabral, SR Attygalle, as interim relief. Respondents begin submisions. #lka #EconomicCrisisLK
— Transparency International Sri Lanka (TISL) (@tisrilanka) July 15, 2022







