තව දින 05කින් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අන්තර්කාලීන ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේ දී පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත පොහොට්ටුවේ සහයෝගය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පොහොට්ටුවේ අති බහුතරයක් සහිත පාර්ලිමේන්තුවේ අගමැති ධුරය මෙන්ම ජනාධිපති ධුරය ද තමන්ගේ අභිමතය පරිදි පවත්වා ගැනීමේ දේශපාලන තීන්දුවකට බැසිල් ප්රමුඛ පොහොට්ටු කණ්ඩායම තීන්දු කර ඇති බව ද එම ආරංචි මාර්ග හෙළි කරයි.
පොදුජන පෙරමුන රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා පත් කරගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් බව පසුගිය දා විදෙස් මාධ්‍යයත් වාර්තා කර තිබිණි.
මේ තත්ත්වය තුළ සමගි ජන බලවේගය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාව රහස් ඡන්දයක් ලෙස පවත්වන්නැයි ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව තුළ පවතින වාසිදායක තත්ත්වය දැකීමත් සමග දැනට විපක්ෂයේ පෙනී සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දය භාවිතා කරනු ඇති බවය.
පොහොට්ටුවේ මෙම දේශපාලන හැසිරීම දැන්වත් වෙනස් විය යුතු බවත් භූමියේ ජනතා මතයට තවමත් ඇහුම්කන් නොදීම බරපතල සමාජ ව්‍යසනයක් ඇති කළ හැකි බවත්, මෙම බල වියරුව රටට යහපතක් නොකරනු ඇති බවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ දිගින් දිගටම කියා සිටී.
විරෝධතා දක්වන තරුණ පිරිස් කියා සිටින්නේ තමන් මේසා විශාල අරගලයක් කර රටේ ජනාධිපතිවරයා ඉවත් කළේ ව්‍යවස්ථාවේ වගන්ති තුළ සැඟවී මෙවැනි දේශපාලන සූදුවක් කිරීමට නොවන බවය.
.







