එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තොනියෝ ගුටේරස් විසින් මෙරට තත්ත්වය තමන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන් කරයි.
මහ ලේකම්වරයා විසින් විශේෂ ට්විටර් සටහනයක් තබමින් මේබව සඳහන් කර ඇත. ‟ ඇතිම තිබෙන ගැටුම් කාරී තත්ත්වයේ මූලික වූ හේතු සහ විරෝධතාකරුවන්ගේ දුක්ගැනවිලි ආමන්ත්රණය කිරීම වැදගත් වේ.” යනුවෙන්ද ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව සියලුම පක්ෂ නායකයින්ගෙන් සාමකාමී සහ ප්රජාතන්ත්රවාදී සංක්රාන්තියක් උදෙසා කටයුතු කරන ලෙසද ජගත් මහ ලේකම්වරයා විසින් ඉල්ලීම් කර තිබේ. පසුගිය අඟහරුවාදා ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ප්රශ්නය ඔඩු දුවන්නට පෙර එය සාමකාමී ල හුවමාරුවක්පසිදු කරන ලෙස ශ්රි ලංකාවේ දේශපාලන නායකයන්ට දැනුම් දී තිබිණ.







