අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලිසියට භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
මෙම මුදල් සම්බන්ධව පමණක් නොව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම මුදල් සඳහා කළ බලපෑම් සම්බන්ධවත් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බව දන්වා කොටුව පොලිසියෙන් මෙම මුදල සහ අදාල ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරගෙන ඇත.
කෙසේ වෙතත් ඉහළ නියෝග මත මෙම මුදල් තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්වන්නේ කොටුව පොලිස් ස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්ෂක සාගර ලියනගේ විසින් හෙට (12) උසාවියට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබිය දී ය.









