ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව නව ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතුළු ගත යුත අත්‍යවශ්‍ය පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (11) දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
කථානායකවරයා විසින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති අතර එය අද පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතව තිබේ. අතර ඊට පාර්ලිමේන්තුව නියෝජය කරන දේශපාලන පක්ෂ නායකයන් සහභාගී වීමට නියමිතය.
රටේ පවතින තත්ත්වය මත පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළ ගත යුතු පියවර පිළිබඳව මෙහිදී පක්ෂ නායකයන් විසින් සාකච්ඡා කරනු ලැබීමට නියමිතය. වාර්තා වන අතර කඩිනමින් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ කරුණු එහිදී සාකච්ඡා වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම ඉවත් වන පසුබිමක් තුළ කථානායකවරයා මාසයක කාලයක් සඳහා ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ලෙස පත් වීමට නියමිතව තිබේ.
ඊයේ ශ්‍රි ලංකා නීතීඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන අවධාරණ කළේ රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය ඇතුළු කරුණු සියල්ල සලකා කඩිනමින් ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත් කර ගන්නා ලෙසය.







