රෝගීව ප්‍රතිකාර මැද දුබලව වැතිරී උන් “මහේශාඛ්‍ය“ නැමති හස්ථියගේ එක් දළයක් පණ පිටින් කපාගෙන ගිය නරුමයෙක් සම්බන්ධව පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.
පොරෝ පහර ගසා දළ වෙන්කරන්නා විට එක් පොරෝ පහරක් හස්ථියාගේ හිසටත් වැදී ඇත. මෙම නින්දිත අපරාධය කළ සැකකරුවන් සොයා පොලිස් නිල සුනඛ අංශය අද ක්‍රියාත්මක වී ඇත.
කැබිතිගොල්ලෑව මූලස්ථානය පොලීස් පරීක්ෂකවරයාගේ මැදිහත් වීමෙන් කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භකර ඇති අතර සැක කරුවන් පිළිබඳ තොරතුරු ප්‍රමාණයක් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
සැක කරුවන් යම් ආයුධයක් කොටසක් අසල දමා ගොස් ඇති අතර එය පරීක්ෂා කිරීමෙන් සුනඛයින් ඒ ඔස්සේ ඉදිරියට ගිය බව සනාත වෙයි.
පණ්ඩුල ගම වනජීවී පශුවෛද්‍ය වරයා රෝගී හස්ථියාට අදත් ප්‍රතිකාර කළ අරත අද දින සිට ඔහු සුව වන තෙක් වනජීවී නිලධාරීන් දිවා රෑ දෙකෙහිම ඔහුට ආරක්ෂාව සැපයීමට නියමිතයි.
(ඡායාරූප අයිතිය – ප්‍රියන්ජන දිල්මිත්)







