ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබිය දී තරාගවලි ජයග්‍රහණය ඔස්ට්‍රේලියානුවෝ වාර්තා කළහ. ඒ ශ්‍රී ලංකාව සමග පැවති දෙවන විස්සයි 20 තරගයෙන් කඩුලු 03කින් ජයග්‍රහණය කරමිනි.
කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානුවෝ පන්දු රැකීම තේරූහ. යළිත් වරක් ශ්‍රී ලංකා පිතිකරුවෝ අසාර්ථක වූහ. 18 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ සිට පන්දු පහක් තුළ ලකුණු නොලබා කඩුළු හතරක් දැවී ගියේය. පන්දුවාර 20 අවසන ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 124කි.
චරිත් අසලංක ලකුණු 39ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා ගත්හ සෙසු පිතිකරුවන් සමස්ථයම අසාර්ථක විය.
පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාවේ කේන් රිචඩ්සන් ලකුණු 30ට කඩුලු 4ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානුවෝ පන්දු ඕවර් 17.5කදි කඩුලු 7ක් දැවී ලකුණු 127ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළහ.
මැතිව් වෙඩ් නොදැවී ලකුණු 26, ඇරොන් ෆින්ච් ලකුණු 24. ලැබූහ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 33ට කඩුලු 4ක් දවා ගත්තේය.







