අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජනතාවනි… 21ට එරෙහි සියලු ජනතා නියෝජිතයන්ට එරෙහිව නැගී සිටින්න“ – දයාසිරි ජයසේකර…

by editor
මැයි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට විරුද්ධව ආණ්ඩුව තුළ කණ්ඩායමක් කඳවුරු බඳිමින් සිටින බවත්   21 කඩාකප්පල්  කරදමා  රට ඒකාධිපති ගමනකට තල්ලු කර විදේශි පුරවැසියන්ට මෙරට තනතුරු ලබා දෙන්නට යම් අයෙක් කටයුතු කරනවා නම් එවැනි මහජන නියෝජිතයින්ට එරෙහිව නැගී සිටින ලෙස තමා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මහලේකම්වරයා  මේ බව පැවසුවේ අද (31) කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මෙසේ ද කීවේය.

“පසුගිය කාලය පුරා ඉන්ධන විදුලිය ඖෂධ ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය නිසාත්  මිල ඉහළ යෑම නිසාත් විශාල අර්බුදයක් රට තුළ නිර්මාණය වුනා. අවිහිංසාවාදී උද්ඝෝෂණ ව්‍යාප්ත වුනා. එම උද්ඝෝෂණ  දින පනස් ගණනක දැවැන්ත අරගලයක් බවට පත්ව ජනවතාව වීදී බසින තැනට පත් වුනා.

අරගලයේ නියුතු  වූවන්ගේ ප්‍රධානතම අරමුණ වුනේ රට ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමයි. එහිදී ඔවුන් කල්පනා කළේ ඇතිවී තිබෙන තත්ත්වට රාජපක්ෂ පවුල වගකිව යුතු බවයි. ඒ නිසා රාජපක්ෂ පවුල් පාලනයෙන් රට බේරා ගත යුතුය යන සටන් පාඨය ඉදිරියට ආවා.

එහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂවරු රාජ්‍ය පාලනයේ කිසිදු තනතුරක් නොදැරිය යුතුය යන විරෝධය ඇති වුනා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පසුගිය කාලය පුරා මතුවූ   ආර්ථික හා සමාජ ප්‍රශ්න අදවනවිට දේශපාලන අරගලයක් වෙලා. ඒ නිසා තමයි ජනාධිපතිවරයාට  සිදුවුනේ අගමැතිවරයාට තනතුරින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට.

පසුව එය මහා ඛේදවචාකයකින් අවසන් වුනා.

මේ තත්ත්වයෙන් පසු සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන අපි කතා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වශයෙන් කරුණු 14කින් සමන්විත ලිපියක් ජනපතිට භාර දුන්නා. ඉන් පසු සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න කටයුතු යොදනවා කිව්වා. ඒ අනුව කටයුතු කරන ලද සමුළුවට අපි කරුණු 22ක ලියැවිල්ලක් ඉදිරිපත් කළා.

අපේ ඉල්ලීම්වලට සුබවාදී ප්‍රතිචාර නොමැති නිසා පක්ෂ 11ක් අපි ඒකාබද්ධව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් විය යුතු බවටත් ඉන් පසුව සියලු පක්ෂවලින් සමන්විත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටත්  යෝජනා කළා.

ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවට  එකතුවන පක්ෂ නායකයින්ගේ එකමුතුවෙන් අග්‍රාමාත්‍යවරයෙක් කැබිනට් මණ්ඩලයක් අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත    ජාතික සභාවක් පිහිටුවන්න  කටයුතු කළ යුතුය යන්න අපේ ඉල්ලීම වුනා.

තවමත් ඒ ඉල්ලීම එලෙසම තිබෙනවා. මොකද මේ තිබෙන ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවෙයි. වෑල්ඩින් කළ ආණ්ඩුවක්. එක එක පක්ෂවලින් කෑලි කඩාගෙන අලවාගෙන තියනවා

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනවා නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ලෙස ඇමති තනතුරු භාර ගන්නත් එසේ නොවනවා නම් විපක්ෂයේ සිට සහාය වන්නත් අපි තීරණය කළා.

තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරය එයයි.

මෙම ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ  21වැනි සංශෝධනය ගෙනත් තියනවා. මේ සම්බන්ධව රටේ විවිධ පාර්ශව සමග අප සාකච්ඡා කළා. ඒ අනුව 20වැනි  සංශෝධනයේ නොතිබුනු ව්‍යවස්ථාදායක සභාව 21ට ඇතුළත් කළා.

රටේ වැදගත් තනතුරු සියල්ල මේ ව්‍යවස්ථා දායක සභාවෙන් පත් කරනවා. මීට සමගාමීව තවත් කොමිෂන් සභා ගණනාවක් පත්වෙනවා. ඒ අනුව රජයේ වංචා දූෂණ අවම කිරීම සඳහාවන විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම වැනි වැදගත් කාරණා රැසක් තියනවා.

සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් කළ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතුයි යන යෝජනාව 21 වැනි සංශෝධනයට ඉදිරිපත් කර තිබෙනවා

නමුත් මා  ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේ දී මේ දෙක පටලවා ගත යුතු නැති බවයි.  අද අප කළ යුත්තේ 19 වැනි සංශෝධනයේ කරුණු මුලින්ම 21 වැනි සංශෝධනය හරහා ගෙනැවිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දෙවැනි පියවර ලෙස ගෙනා යුතු බවයි.

21ට එරෙහිව ආණ්ඩුව තුළ යම් පිරිසක් කඳවුරු බඳිමින් සිටිනවා.  මේ තත්ත්වය මත රටේ ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ ඔබේ ඡන්දයෙන් පත් කර පාර්ලිමේන්තුවට එවන ලද මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කරන ලෙසයි.

යම් කෙනෙක්  21ට පක්ෂව ඡන්දය නොදී මෙය කඩාකප්පල්  කරලා නැවත 20 යටතේ ජනාධිපති පාලනයකට පාර කපලා විදෙස් පුරවැසියන්ට තනතුරු ගන්න මාවත විවර කරනවා නම් එවැනි අයට එරෙහිව නැගී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලයට පහරදීමේ චෝදනා මත වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට…

Next Post

රටේ ඩොලර් හිඟය බැතිමතුන්ගේ හජ් වන්දනාව අවලංගු කරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.