ශ්රී ලංකා ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් සහ හිටපු ශ්රී ලංකා ජනාධිපතිනිය අතර හමුවක් අද සිදුවී ඇත.
ඇමරිකානු තානාපතිවරිය සිය ට්විටර් ගිනුමේ සටහන් කරන්නෙ රටේ දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඇයගේ දැක්ම සාකච්ඡා කිරීමට මෙම විශේෂ හමුව සිදුවූ බවය.
“ඔවුන්ගේ රටේ අනාගතය හැඩගැස්වීම සඳහා ශ්රී ලාංකික කාන්තා නායිකාවන්ගේ අර්ථවත් සහභාගීත්වයට අපි සහාය දෙමු.“ ඇය සිය ට්විටර් ගිනුමේ වැඩිදුරටත් සඳහන් කළාය.
I met with former President @CBKsrilanka to discuss her perspective on resolving the political and economic crisis. We support meaningful participation of more Sri Lankan women leaders in shaping the future of their country. pic.twitter.com/ikjLZg8duB
— Ambassador Julie Chung (@USAmbSL) April 21, 2022
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් සම්බන්ධ කරගෙන ආණ්ඩුවේ ප්රබලයන් පිරිසක් සමග පොදු සන්ධානයක් බිහි කර ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ සැලසුමක හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග පසුගිය වකවානුව තුළ නිරත වී සිටින බව වාර්තා විය.
මේ වනවිටත් ඇය කරු ජයසූරිය ප්රමුඛ සාධාරණ සමාජයක් සංවිධානය සමග සක්රීය දේශපාලන සංවාදයක නිරත වෙමින් ඇත.







