රට තුළ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් තමන් නව කැබිනට් ඇමති මණ්ඩලයේ තනතුරක් භාර නොගන්නා බව ශ්‍රී හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.
තමන් කවදත් ජනතාව සහ සම්බුද්ධ ශානසය වෙනුවෙන් පෙනී සිටි අතර ඉදිරියටත් සිය යුතුකම් ඉටුකරන බව ද හිටපු ඇමතිවරයා කියා සිටී.
පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළෙමි
මා කවදත් රටේ ඒකියභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටි අතර ඉදිරියටත් මගේ යුතුකම රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන බවද ප්‍රකාශ කරමිරියර් අද්. සරත් වීරසේකර
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය— Sarath Weerasekera (@ReAdSarath) April 17, 2022
කෙසේ වෙතත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළේ බොහෝ ඇමතිවරුන් කැබිනට් ඇමතිකම ස්වෙච්ඡාවෙන් අත් නොහැරි බවත් රජයේ සැලසුම අනුව බොහෝ දෙනෙකුට තනතුරු අහිමි වී ඇති බවත්ය.







