ලලිත් චාමින්ද –
ගෝඨාගෝගමේ ශාඛා ප්‍රාදේශීය වශයෙන් ආරම්භ කරමින් අද ගාල්ලේ තරුණ පිරිස් නොනිදන අරගලයකටය මුල පිරූහ.
ගෝල්ෆේස් තනි නොකරමු තේමාව යටතේ ගාල්ල බස් නැවතුම්පල ඉදිරිපිට කළ විරෝධතාවයකින් අනතුරුව එම ස්ථානයේ අට්ටාලයක් ගසා විරෝධතාවය ආරම්භ කළ පිරිස් සමග මේ වනවිට ජනතාව එක් වෙමින් ඇත.
ගෝඨාගෝගමේ පළමු ශාඛා ගාම්මානය ගාල්ලේ ඉදිකළ අරගලකරුවෝ මේ වනවිට ගිටාර වයමින් දේශාභිමානී ගීත ගැයෙන සංස්කෘතික උළෙලක් අරඹා සිටිති. ගාල්ලේ ප්‍රාදේශීය කලාකරුවන් මේ අරගල භූමියට පැමිණ දැනටමත් ගීත ගායනා කරමින් අරගල කරුවන් දිරිමත් කරමින් සිටිනු පෙනේ.
මේ අතර අද නුවර ජොර්ජ් ඊ ද සිල්වා උද්‍යානය අසල විරෝධතාවය නිරත වෙමින් ගොල්ෆේස් තරුණයින්ට සහයෝගය දැක්වූ පිරිස් ගෝඨාගෝගම නුවර ශාඛාව ආරම්භ කිරීමට සැරසේ. ඔවුන් අනිද්දා සිට නොනිදන අරගයට එක්වීම සඳහා ජොර්ජ් ඊ ද සිල්වා උද්‍යානය අසල ගෝඨාගෝගම නුවර ශාඛාව ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටී. අරගලයට එක්වීම සඳහා ගෝල්ෆේස් යෑමට නොහැකි නිර්පාක්ෂික පිරිස් මේ අවස්ථාව සංවිධානය කරති.
නුවර අගලකරුවන් මධ්‍යම පළාතේ සිටින සියලු දෙනාට නුවරට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත.

.







