සාධාරණ ජන අරගලයට සෙත් පැතීම සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ ආශීර්වාදයත් රැගෙන දිවයිනේ ප්‍රබුද්ධ සංඝයාවහන්සේ රැසකගෙන් යුත් සියයකට ආසන්න මහා සංඝරත්නය අද ගෝල්ෆේස් අරගල බිමට වැඩම කළහ.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය එළමල්දෙණියෙ සහරානන්ද හිමි, ආචාර්ය ඕමල්පේ සෝබිත හිමි, පාගොඩ ජන්තානන්ද හිමි, පාහියන්ගල ආනන්ද හිමි, රජවත්තේ වප්ප හිමි, කරකොලේ පියදස්සී හිමි, බෝපේ ඉන්ද්‍රජෝති හිමි, ඇතුළු මහා සංඝරත්නය උන්වහන්සේලා මේ සාධාරණ අරගලකරුවන් සමග රැඳී සිටින බව කීහ.
“ඔබට ජයග්‍රහණය වේවා. රටට ජයග්‍රහණය වේවා. තුනුරුවන් සතු අනන්ත ගුණානුභාව බලයෙන් ඔබට සියලු යහපත සැලසේවා, ඔබේ උතුම් අධිෂ්ඨානය ඒකාන්තයෙන්ම මස්තකප්‍රාප්ත වේවා… “ ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියො සෙත් පැතූහ . අනතුරුව මහා සංඝරත්නය එක්ව සෙත් පිරිත් සඣ්ඣායනා කළහ.







