පවතින දේශපාලන ක්රමයේ වෙනසක් අපේක්ෂාවෙන් තරුණ පරපුර ගෙනයන අරගලයට සහය දක්වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා වාසී තරුණ ප්‍රජාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මේ වනවිට රටේ තරුණ ප්‍රජාව සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඒකාබද්ධව ගෙනයන්නේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ සටනක් බව අවබෝධ කරගත යුතු බව පවසන හිටපු අගමැතිවරයා එය ආරම්භ වී ඇත්තේ දේශපාලන හෝ වෙනත් බලවේග යටතේ නොවන බව පෙන්වා දෙයි.
ඒ තත්වය තුළ දේශපාලකයින් මැදිහත් වී මෙම අරගලය දූෂිත නොකළ යුතු බවද ඔහු පවසා තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10) එජාප ක්‍රියාකාරී තරුණ තරුණියන් පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරය.
මෙම සාකච්ඡාවේ දී ඇරඹී ඇති සටනට දේශපාලනිකව එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ තරුණ කණ්ඩායම්වලින් හිටපු අග්‍රාමාත්‍යවරයාට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
ඒ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තරුණ තරුණියන් ස්වාධීනව ආරම්භ කර ඇති අරගලයට දේශපාලකයින් මුහුණ දැමීම කොකළ යුත්තක් බවය.
ඒ වෙනුවට දේශපාලනික මතවාද ඉවත්කර මෙම අරගලයට රටේ තරුණයින් සේ එක්වන ලෙස පක්ෂයට සම්බන්ධ සියලු තරුණ කණ්ඩායම්වලට හිටපු අගමැතිවරයා දන්වා ඇත.
තරුණ අරගලය ජයග්‍රහණය කරා ගෙන යෑමේ දී එය ඉතා ඉවසිලිවන්තව සහ සාමකාමීව සිදුකළ යුතු බවත් ප්රචන්ඩත්වයෙන් තොරව එම අරලය ගෙන යන ලෙසත් විශේෂ ඉල්ලීමක් ඔහු සිදුකර තිබේ.







