සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය ගත් තීරණය අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් විවේචනය කර තිබේ.
තමන්ද වීපීඒන් යෙදුම් භාවිතා කරමින් සමාජ ජාල වෙත පිවිසෙන බවත් මෙවැනි තහනම් ප්‍රායෝගීක නොවන බවත් අමාත්‍යවරයා විසින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
අමාත්‍යවරයාගේ මෙම ට්විටර් සටහනට මෙරට ප්‍රබල ව්‍යාපාරිකයකු වූ දිලිත් ජයවීර මහතා විවේචනයට ලක් කර තිබේ.
එහිදි ජයවීර විමසා ඇත්තෙ” ඔයා ඩිජිටල් අමාත්‍යවරයා නොවේද? ඔයාට බාප්පාට කියන්න බැරිද? #පිස්සුපීකුදු ” යනුවෙනි.
කෙසේ වෙතත් ජයවීර ට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තෙ “මම දැනටමත් මගේ විරෝධතාව පළකලා, ඇයි ඔයත් මගේ බාප්පාට කතා නොකරන්නෙ. එයා ඔයාගෙ හොඳ මිත්රයානේ,” ලෙසයි.
කෙසේ වෙතත් මෙම ට්විටර් සටහන් සඳහා මහජනයාද විශාල වශයෙන් ප්‍රතිචාර දක්වා ඇත.