ශ්‍රියානි විජේසිංහ –
ඡන්ද මධ්‍යස්ථානවල හා ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයන්ගෙන් කොවිඩ් 19 පමණක් නොව කිසිදු ශ්වසන රෝගයක් වැලඳීමේ අවදානම සියයට සියයකින් ඉවත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කරයි.
ඡන්ද පල වෙත ඇතුලු වීමට පෙර හා පිටවීමේදී සබන් ගා දෑත් හොදින් පිරිසිදු කර ගන්නැයි සියලුම ඡන්දදායකයින්ගෙන් ජනරාල්වරයා විශේෂ ඉල්ලීමක් කරයි.
ඡන්ද දායකයින්ගේ ජාතික හැදුනුම්පත ඡන්දපල නිලධාරීන් ස්පර්ෂ නොකරන අතර එය පරික්ෂා කිරීමට ඔබගේ අතේම තබා ගනිමින් ඔවුන්ට සහය දක්වන්නැයිද වෛද්‍යවරයා ජනතාවට දැනුම් දී සිටී.
ඡන්දය භාවිත කිරිමේදී ස්පර්ශවීම් අවම වන පරිදි සකස් කර ඇති බැවින් ඡන්ද දායකයින් එම අවවාද නිසියාකාරව පිළිපදින්නැයිද හෙතෙම ඉල්ලා සිටියි.