එන්නත් මාත්‍රාව සම්පූර්ණ කළ අයට පමණක් යාමට හැකි පොදු ස්ථානයන් මොනවාද යන්න පිලිබදව නව චක්‍රලේඛයක් මගින් නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කරනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කරයි.
මෙම චක්‍රලේඛයට අනුව ලබන අප්‍රේල් 30 වන දින ට ප්‍රථම එන්නත ලබා නොගත් අයට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නම් කරන ලද පොදු ස්ථානයන් වෙත යාමට නොහැකි වනු ඇති බවද හෙතෙම පෙන්වාදේ.
මෙසේ පොදු ස්ථානයන් මොනවාද යන්න පිලිබදව ඉදීරියේදී ප්‍රකාශ කෙරෙනු ඇති බවත් එය ප්‍රකාශ කිරීමේ සම්පූර්ණ බලය ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂජනරාල්වරයාට පමණක් යැයිද වෛද්‍ය ගිනිගේ පැවසීය.
මෙසේ නම් කරන ස්ථානයන් වෙත යාමට නම් වයස අවුරුදු 20ට වැඩ සියලුම පුද්ගලයින් එන්නත් වාර සම්පූර්ණ කළ යුතු බැවින් වහාම එන්නත් ලබා ගෙන නොමැති සියලුම දෙනා එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයිද ඔහු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.







