ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පැවැත්වීමට නියමිතව ඇති මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වනවාද නැද්ද යන්න පිළිබඳ අද පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී තීන්දුවක් ගන්නා බව සමගි ජනබලවේගය ඊයේ ප්‍රකාශ කර තිබිණි.
ඊට ප්‍රධානම හේතුව වී තිබුණේ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළ යුතු බවට පිරිසක් කියද්දී තවත් කණ්ඩායමක් ඊට සහභාගී වීම වැදගත් බවට මතයක් දැරීමය.
අවසන් තීන්දුව ගැනීම පක්ෂ නායකයා ප්රමුඛ මධ්‍යම කාරක සභාවට පැවරී තිබිණි.
සාකච්ඡා අවසානයේ සමුළුවට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
මේ වනවි ජනතා විමුක්ති පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව සම සමාජ පක්ෂය, සහ ජාතික නිදහස් පෙරමුණ සමුළුව වර්ජනය කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
මෙම සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් බැවින් දැනට ආණ්ඩුවෙන් ඉවත් වී සිටින හවුල්කාර පක්ෂ 11 වෙනුවෙන් නියෝජනයක් ලෙස අතුරලියේ රතන හිමියන් සහ තිස්ස විතාරණ සමුළුවට සහභාගී වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සංධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් සමග මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.







