ලලිත් චාමින්ද –
යතුරුපැදියකින් ගමන් කර සිටි රුසියානු ජාතික කාන්තාවන් අද (20) පස්වරුවේ අහංගම නගරයේදී ටිපර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ටිපර් රථයට යට වීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇති බැව් අහංගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ රුසියානු ජාතික කාන්තාවකි .
ඇය යතුරුපැදියකින් ගාල්ල දෙසට ගමන් කරමින් සිට ඇති අතර ටිපර් රථයට වම් පසින් ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිය පාලනය කරගත නොහැකිව යතුරුපැදිය ලොරිරථය දෙසට පෙරලීගොස් ඇත. ලොරි රථයේ ඉදිරිපස රෝදයට විදේශීය කාන්තාවගේ හිස යටවී එම ස්ථානයේම මියගොස් ඇත..
ටිපර් රථයේ රියදුරු අහංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .







