මේ රට ඉතිහාසයේ දැවැන්තම මිල වැඩිකිරීම ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව වාර්තා කළේය.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය බෙදුම්හල්වල ඉන්ධන මිල දැම්මේය.
ඒ පහත ආකාරයෙනි.
- පෙට්‍රල් (92) – රු.77කින් – නව මිල රු.254
- පෙට්‍රල් (95) – රු.76කින් – නව මිල රු.283
- ඔටෝ ඩීසල් – රු.55කින් – නව මිල රු.176
- සුපර් ඩීසල් – රු.95කින් – නව මිල රු.254
තවමත් එම මිල වැඩි කිරිමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ මිල ගණන් සිපෙටිකෝ මිල ගණන්වලට වඩා ඇත්තේ ඉහළිනි.
- යුරෝ 03 පෙට්‍රල් – රුපියල් 263
- ඔක්ටේන් 95 පෙට්‍රල් – රුපියල් 283
- ඔටෝ ඩීසල් – රුපියල් 214
- සුපර් ඩීසල් – රුපියල් 249
කෙසේ වෙතත් මෙම මිල වැඩිවීම සිදුවන්නේ රැපියල් 128ක මිල වැඩිකිරීමක් සංස්ථාව විසින් ඉල්ලා තිබියදී ය. ඛණිජතෙල් නීතිගත සංස්ථාව මෙම මිල වැඩිවීමෙන් අනතුරුවත් පාඩු ලබන බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙක් කීවේය. මක් නිසාද යත් මේ මිල වැඩිවීමෙන් අනතුරුවත් ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඉන්ධන ලබා ගැනීමට රියදුරන් අධෛර්යමත් වන බැවිනි.







