චීනය විසින් කොරෝනා වෛසරය ඉදිරියට දමමින් සිදුකරන වක්‍රාකාර වෙළෙඳ තහනම හේතුවෙන් නේපාල ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වේ.
ඒ අනුව චීනය විසින් නේපාලයේ වෙළෙඳුන් හට චීනය ඇතුලු වීමට වීසා දීම නවතාදමා ඇති බැවින් ඔවුන්ට අවශ්‍ය කරන භාණ්ඩ අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට සිදුවීමෙන් තත්ත්වයෙන් බාල භාණ්ඩ ලැබෙමින් පවතින බවට වාර්තාවේ.
මේ අතර චීනය විසින් ප්‍රවාහන ගාස්තු විශාල වශයෙන් ඉහළ දැමීමටද පියවරගෙන ඇත. මෙම තත්ත්වය හමුවේ නේපලයට ආනයනය කරනු ලබන භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් එරටට උද්ධමනයකට මුහුණ දීමට සිදුව ඇති බවට අනාවරණය වේ.
චීන ආනයනය වල පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් නේපලයේ උතුරු ප්‍රදේශ වල වෙසෙන වැසියන්ගේ මූලික ආහාර අවශ්‍යතාද සපුරා ගැනීමේ ගැටලුවකට මුහුණ දී ඇති බවද වාර්තාවේ.
නේපාලය තුල චීන ආයෝජන වල සීඝ්‍ර වර්ධනයක් පසුගිය කාලයේදී දක්නට ලැබුණු අතර එම බොහොමයක් අයෝජන වලට ආර්ථික ප්‍රතිලාභ පළිබඳව ඇත්තේ විශාල ගැටලුවකි.
ඒ මේවන විට නේපාලයේ වෙළෙඳ පරතරය විශාල වශයෙන් පුළුල් වන බවද අදාල වාර්තාවෙන් පෙන්වාදෙයි. මෙම තත්ත්වය අනුව නේපාලයේ සමස්ථ ආර්ථියම චීනය විසින් පාලනය කරන තත්ත්වයකට පත්ව ඇති බවද ආදාල වර්තාවෙන් වැඩිදුරටත් පේනවා දෙයි.







