තවත් කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දී තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය. සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ද එම අවස්ථාවේදී සිදුව ඇත.
සී.බී. රත්නායක මහතා මෙහිදී වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.
විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
රාගම වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටුමට අදාළව පවත්වන විමර්ශන වාර්තාව ඊයේ ජනාධිපතිවරයා වෙත භාරදීමත් සමග එම සිද්ධියට ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දී ඇත.







