රට තුළ ඇත්තේ දින හතකට ප්‍රමාණවත් ඩීසල් සංචිත පමණක් බවත් රටට ඩීසල් නැවක් පැමිනීමට නියමිතව ඇත්තේ තව දින හයකින් බැවින් ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ඛණිජතෙල් නීතිගත සංස්ථාව පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
දින හයකින් පසු වාරායට පැමිණෙන ඩීසල් නැව ගොඩබෑම සඳහා තව දිනය දෙකක්වත් ගතවන බවත් ඒ තත්වය ස්ථිරව කිව හැක්කේ නැව වරායට පැමීණීමෙන් පසුව බවත් පවසන සංස්ථාව මේ තත්වය තුළ නිසැකව ඇතිවිය හැකි ඩීසල් හිඟය සම්බන්ධව අනතුරු අඟවයි.
එබැවින් මීළඟ ඩීසල් තොගය රැගත් නෞකාවක් මෙරටට පැමිණ ගොඩබාන තුරු මෙරට ඇති ඩීසල් තොග අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බව සිපෙට්කෝ නිලධාරීහු පෙන්වා දෙති.
මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන ඩීසල් ප්‍රමාණය සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග කියයි.







