කීර්ති ප්‍රනාන්දු –
පාස්කු ප්‍රහාරයට ප්‍රධාන වගකිව යුත්තා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සිදුකළ ප්‍රකාශය සම්බන්ධව තමන්වහන්සේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල විභාගය සඳහා වැඩිදුර ප්‍රකාශයක් සටහන් කරගැනීමට අද තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් ලංකාසරට පැවසීය.
මේ ප්‍රකාශය සම්බන්ධව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන එම සටහන් නීතිපතිවරයා වෙත යවා නීතිපති උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුකිරීමට කටයුතු කරන බවද එහිදී අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියතුමා වෙත දන්වා තිබේ.
“ සංචාරක ඇමති කියනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව සම්පූර්ණයෙන් වගකියන්න ඕන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියලා. අපි කිව්වෙ මේ ප්‍රකාශ කරන්නෙ රජවේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් . ඔහු මෙසේ කියන්නෙ තොරතුරු ඇතිව විය යුතුයි. වහාම මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා.“
ඔවුන් මගෙන් ඇහුවා මේ ප්‍රහාරය සම්බන්ධව ප්‍රසන්න රණතුංග කළ ප්‍රකාශය පිළිගන්නවා ද කියලා. මා කිව්වා ඔව්… කොමිෂන් සභා වාර්තාවෙ තියනවා පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකියන්න ඕන කියලා. අපේ මතයත් ඒක තමයි. ඒවා විමර්ශනය කරන්න කියලා.“
ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්ගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.







