කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාවක් ලබාගැනීමට අවශ්‍ය නම් එය ලබා දිමට වහාම කටයූතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල බණ්ඩාර සදහන් කරයි.
අධ්‍යාපන කටයුතු සදහා හෝ රැකියාවන් සදහා විදේශගතවන පුද්ගලයින්ට ඔවුන් ගමන් ගන්නා රටේ අවශ්‍යතාව මත සිව්වන එන්නතක් ලබා දීමට කටයුතු කරන බව වෛද්‍ය ගුණවර්ධන සඳහන් කරයි.
ඒ ඒ රටේ අනුමත කර තිබෙන කොවිඩ් මර්දන එන්නත් පිලිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර ඇති බවත් පෙන්වාදෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දිනවල අධ්‍යාපනය කටයුතු සදහා විදේශගත වූ සිසුන් පිරිසකට අදාල රටේ අවසරය මත එන්නත් ලබා දීමට කටයුතු කළ බවද පැවසුවේය.
.







