තම පෞද්ගලික ෆේස්බුක් ගිණුම හැක් කර රජය විවේචනය කරමින් හැකර් විසින් ඇතැම් පෝස්ට් පළ කර ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
එවැනි පෝස්ට් දැමීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහු කියා සිටී.
දින කිහිපයක සිට තම ගිණුම හැක් කර ඇති බවත් ඒ පිළිබඳව තමන් වාර්තා කළ බවත් අමාත්‍යවරයා කියා සිටි.
ගිණුමේ පාලනය සම්පූර්ණයෙන් ලබා ගැනීමට තමාට හැකි වූ නමුත් ෆේස්බුක් ගිණුමට අනවසරයෙන් ඇතුළු වූ අය සොයා පරීක්ෂණයක් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.
“එම කාලය තුළ ගිණුම් හිමියා විසින් බෙදාගත් ලිපි සම්බන්ධයෙන් කිසිදු වගවිභාගයකින් තොරව අදහස් පළකරමින් ගැටුම් ඇතිකරමින් අදහස් පළකළ අය ගැන මම කණගාටු වෙනවා,” අමාත්‍යවරයා පැවසීය.







