අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුද්ද අග වනවිට ඩොලරය රුපියල් 300ට යාවි… තරුණ පරපුරේ සාපයට ලක් නොවී එක්ව විසඳුමක් සොයමු!

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි...

by editor
පෙබරවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වසර අග වනවිට ඩොලරයේ අගය රුපියල් තුන්සියය දක්වා ඉහළ යා හැකි බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු පවසන්නේ මේ වසර තුළ ඩොලර් බිලිය හයක ණයක් ගෙවීමට ඇති අභියෝගය හමුවේ  වැරදි කරුවන් සෙවීම පසෙක තබා ප්‍රශ්නයෙන් පැන යන්නේ නැතිව අර්බුදයට විසඳුම් සෙවීම කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් මේ රටේ මේ රටේ තරුණ ජනතාව ඔවුන්ගේ අනාගතය සහ රටේ අනාගතය නැතිකිරීම සම්බන්ධව සියලු දෙනාටම සාප කරනු ඇති බවත්ය.

හිටපු අගමැතිවරයා කියන්නේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් කැඳවා මූලික ප්‍රතිපත්තියකින් පොදු එකඟතාවයකට පැමිණිය හැකිදැයි  විමසා බැලීමට අවධානය යොමු විය යුතු බවය.

හිටපු අගමැතිවරයා මාධ්‍ය අමතා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ආර්ථිකය පිරිහෙනවා. ඩොලරයේ අගය ඉහළ යනවා. මේ යන විදිහට ඩොලරයේ අගය රුපියල් දෙසීය හැත්තෑපහටත් යන්න පුලුවන්. එතනින් නවත්වා ගත්තෙ නැතිනම් තුන්සීය දක්වා යනවා මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සරවෙලා.

දිළිඳු ජනගහණය ලක්ෂ පහකින් වැඩි වෙලා මේ වකවානුවෙදි. මධ්‍යම පන්තිය කඩා වැටිලා අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ගොවිතැන විනාශ වෙලා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගෙ වැඩ කටයුතු කරන‍්න භාණ්ඩ ලබාගන්න බැරිවෙලා තිබෙන්නෙ.

මේ අවුරුද්දේ සම්පූර්ණයෙන්ම ඩොලර් බිලියන හයක ණය ගෙවන්න තියනවා. අපි තාම අයිඑම්එෆ් එක්ක සාකච්ඡා කරලා නැහැ. ඒ නිසා ජූනි සහ ජූලිවලට ණය ගෙවන්න අපට මුදල් හොයාගන්න තිබෙනවා.

ගිය දෙසැම්බර් මාසයෙ අයි.එම්.එෆ් කණ්ඩායම ලංකාවට පැමිණියා. එම වාර්තාව එන සතියෙ ඉදිරිපත් කරනවා කියලා තමයි අපි දැනගෙන ඉන්නේ.

ඒ වාර්තාව ලැබුණ ගමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ ගැන අපි විවාදයක් පවත්වමු.  මේ තත්වයට කවුද වගකියන්නෙ කියලා හොයන්න වැඩක් නෑ. දැන් තියන වාර්තාවෙ යෝජනා අනුව අපි සාකච්ඡා කරමු.

එතැනින් අපි බලමු මූලික ප්‍රතිපතිත් ගැන පොදු එකඟතාවයකට එන්න පුලුවන් ද කියලා.

අපි එතනින් පැනලා ගියොත් මේ රටේ තරුණ තරුණියො අපට සාප කරයි උඹ අපේ අනාගතයත් නැති කළා, රටේ අනාගතයත් නැති කළා කියලා අපට බනී. ඒ නිසා අපි මේ වගකීම ඉෂ්ට කරන්න උවමනයි. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බර ටොන් 120ක්.. අලුතින් ගෙනා  දුම්රිය එන්ජින්  දෙකක් කැලණි පාලමේ මාරුවීමත්  අවදානම්!…

Next Post

හිටපු ඔස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් උනන්දුවෙන්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.