දිනසේන රතුගමගේ
යාපනයේ ධීවර සංගම් යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිට ඒ – 9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් දියත් කිරීම නිසා 3 දා පෙරවරුවේ සිට දිසාපති කාර්යාලයේ රාජකාරී කටයුතු ඇනහිටියේය.
එමෙන්ම එම මාර්ගයේ සියලුම වාහන ගමනාගමන කටයුතුද ඇණහිට තිබුණි.
ඉන්දීය ධීවරයින්ගේ ආක්රමණයට විරෝධය පල කිරීම සදහා මෙම විරෝධතාවය දියත් කොට තිබුණේ යාපනයේ සියලුම ධීවර සමීතිවල සහයෝගය මතය.
යාපනයේ වඩමරච්චි ප්රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනාව ඝාතනය කරන ලද්දේ ඉන්දීය ධීවරයින් බවට චෝදනාවක් එල්ල වී ඇති අතර එම කරුණ සම්බන්ධයෙන්ද යාපනයේ ධීවර සමීතිවලින් සමීති කීපයක් විරෝධය පල කොට තිබේ.
එම ධීවර සංගම්වලට අයත් ධීවරයෝ රාත්රියේදී මුහුදු ගොස් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවරයින්ව අත් අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේදී ඉන්දීය ධීවරයන් එම ධීවරයින්ට මුහුද මැදදී පහර දී පලාගොස් තිබුණි.







