ලලිත් චාමින්ද –
අනතුරක් සිදුකොට පලායාම හා බිමත්ව රියපැදවිම සම්බන්දයෙන් ශ්රිලංගම බස්රථ රියදුරකු බස්රථය සමග අද (01) අළුයම හබරාදුව පොලිස් ස්ථානය ඉදිරිපිටදි අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.
ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ බුස්ස ප්රදේශයේ දි යතුරුපැදියක ගමන්කරමින් සිටි දෙදෙනෙකු අනතුරට ලක්කොට ශ්රිලංගම බස්රථ රියදුරු විසින් බස්රථය නොනවත්වා ධාවනය කොට ඇති බව පොලිසිය පවසයි.
ශ්රිලංගම බස්රථය කතරගම ඩිපෝවට අයත් බස්රථයක් වන අතර කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබි ඇත. යතුරුපැදියද ගාල්ල දෙසට ධාවනය වි ඇත. යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත. තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
අනතුරක් සිදුකොට පලායන බවට රත්ගම පොලිස් ස්ථානය මගින් ලබාදුන් දුරකථන ඇමතුම අනුව මෙම බස්රථය නතරකොට රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. බසයේ රියදුරු බිමත්ව සිටි බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගත් බස්රථ රියදුරු කතරගම මයිලගම ප්රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු රත්ගම පොලිසියට භාරදිමට නියමිතව ඇත.







