දේශීයව බෝතල් කල පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිළ අහෝසි කර පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පානීය ජල බෝතල් සඳහා උපරිම සිලල්ර මිල නියම කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණේ 2018 වසරේ සැප්තැම්බර් 28 වනදාය.
ඊට අනුව මිලි ලීටර් 350 ත් 499 ත් අතර බෝතලයක් රුපියල් 26 ක උපරිම මිළකටත් / ලීටරයත් ලීටර 1.5 ත් අතර ජල බෝතලයක් රුපියල් 50 ක උපරිම මිළකටත් නියම කර තිබිණි.
එම මිල අහෝසි කරමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.







