ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරී ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා පත්කර තිබේ.
මේ අනුව හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය සුසන්ත පෙරේරා එම තනතුරෙන් ඉවත් කර ඇත.
ලංවිම ඉංජිනේරු සංගමය විසින් ඔහු පත්කරන ලෙස අඛණ්ඩ අරගලයක නිරත වූයේ හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාගේ පත්කිරීම නීතිවිරෝධී සහ යුගදනවි ගිවිසුමට පක්ෂග්රාහී බවට චෝදනා කරමිනි.
මෙම පත්කිරීම සිය අරගලයේ තීරණාත්මක සංධිස්ථානයක් වන නමුත් අරගලයේ අවසානය නොවන බව පැහැදිලිවම කිව යුතු බව ලංවිම ඉංජිනේරු සංගමය කීය.







