ජනාධිපතිවරයා විසින් පත් කළ මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ එම සභාපති ධුරයෙන් ඉවත් කර ඇත්තේ ජනාධිපතිවරයා නොදැන බව වාර්තා වේ.
අද පුවත්පත් සාකච්ඡාවක් කැඳවූ මිල්කෝ සභාපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ තමන්ගේ ඉවත් කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නැති බවත්, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ ජනාධිපතිවරයාත් ඒ සම්බන්ධව දැනුම්වත් නැති බවත්ය.
සභාපතිවරයා මාධ්‍යයට මෙසේ කීවේය.
“මටත් ආරංචි වුනා රේණුක පෙරේරා මහත්මයාට ලිපියක් නිකුත් කර තිබෙන බව. එතුමත් අපේ හිතවතෙක්. එතුමා මෙතෙන්ට වැඩ භාරගන්න එනකම් අපි අපේ රාජකාරි ධුරය ඉදිරියට කරගෙන යනවා.“
“අපි සන්තෝෂ වෙනවා… මිල්කෝ සමාගම තුළ ජනාධිපතිතුමා භාරදුන්න වගකීම පහුගිය අවුරුදු දෙක තුළ නොපිරිහෙළා ඉටුකරන්න හැකියාව ලැබුණා. “
“මට තාම කිසිකෙනෙක් කතා කරලා කියලා ධුරයෙන් ඉවත් කිරීම ගැන. මහින්දානන්ද ඇමතිතුමා මට කිව්වෙ ජනාධිපතිතුමා දන්නෙ නෑ කියන කාරණය.“
“පහුගිය කාලය තුළ මේ ආයතනයේ සියලු අකටයුතුකම් කරන එක අපි නවත්තලා තිබෙන්නේ. කාටවත් මේකෙ හොරකම් කිරීමේ අවස්ථාවක් නෑ. “







