ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි බිල වැඩි කළහොත් ජල ගාස්තුව ඉහළ දැමීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
මේ පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා කළ බව කී ඇමතිවරයා ඉන්ධන මිල වැඩි කිරීම ජල සම්පාදන පද්ධතියට ප්‍රශ්නයක් නොවන නමුත් විදුලි බිල වැඩි කළහොත් එය ප්‍රශ්නයක් වනු ඇති බවද පෙන්වා දුන්නේය.
කෙසේ හෝ විදුලි බිල වැඩි කළහොත් වියදම් සමතුලිත කර ගැනීමට ක්‍රමයක් සොයා ගත යුතු බව පවසන ඔහු ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන පාරිභෝගිකයන් හැර අනෙක් පාරිභෝගිකයින් සඳහා ජල ගාස්තු ඉහළ නැංවීමට තම අමාත්‍යාංශය අපේක්ෂා කරන බව කීවේය.
කෙසේ වෙතත් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.







