අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර ට්‍රැෆික් වළක්වන්න නැවතී තිබුණු උමං මාර්ග ව්‍යාපෘතිය උඩට එයි!

by editor
දෙසැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර  අධික වාහන තදබදයට විකල්පයක් වශයෙන් පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කිරීමට ගොස් අතරමග නවතා දැමූ  සුදුහුම්පොල සිට අම්පිටිය හරහා තැන්නේකුඹුර දක්වා ද්විත්ව උමං මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබේ.

මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීම මත කොරියානු ආධාර සහිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

කිලෝමීටර් 5.5ක් දිගැති මෙම ද්විත්ව උමං මාර්ගය    ප්‍රවේශ ස්ථාන හතරකින් යුක්ත යැයි මාර්ග සංර්ධන අධිකාරය සඳහන් කරයි.

දෙයියන්නේවෙල සිට සුදුහුම්පොල දක්වා මීටර් 900ක්, සුදුහුම්පොල සිට බෝගම්බර දක්වා මීටර් 660ක්, බෝගම්බර සිට අම්පිටිය රතුබෝක්කුව අසලට මීටර් 1120ක් සහ රතු බොක්කුව අසල සිට තැන්නේකුඹුර දක්වා මීටර් 1680ක් වශයෙන් මෙම මාර්ගය සංවර්ධන වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

තැන්නේකුඹුරේ සිට මහනුවර දක්වා පැමිණෙන සියලුම වාහන සඳහා මෙම උමං මාර්ගය භාවිතා කළ හැකි අතර කොටස් හතරකින් සමන්විත ස්ථානවලින් බැහැරවීමේ හා ප්‍රවේශවීමේ පහසුකම් සලසා තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 252ක ඇස්තමේන්තු ගත මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 199ක මුදලක් කොරියානු ආධාර වශයෙන් හිමි වන අතර සෙසු මුදල දරනුයේ ශ්‍රී ලංකා රජය විසිනි.

මෙම උමං මාර්ගය ලබන වර්ෂයේදී ආරම්භ වී වර්ෂ 2026දී නිම කිරීමට නියමිත යැයි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී  මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්.එම්.ගුණසිංහ  පැවසීය.

මහනුවර නගරයේ අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයීය පර්යේෂකයින් පිරිසක් විසින් 2011 වසරේ දී කරන ලද අධ්‍යයනයකදී මෙම උමං මාර්ග ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

මෙකී උමං මාර්ග ව්‍යාපෘතිය 2017   ජූලි මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබුණේ 2017 අප්‍රේල් මාසයේදීය. මහා මාර්ග අමාත්‍යාංශය හරහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙය ක්‍රියාත්මකයාත්මක කිරීම සඳහා සියල්ල සැලසුම් කර තිබූ අතර මූලික ශඛ්‍යතා අධ්‍යයන කටයුතු මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය විසින් සිදුකරනු ලැබ තිබිණි

උමං මාර්ගය ඉදි කිරීමට සැලසුම් කොට ඇති ප්‍රදේශයේ පාෂාණ ස්ථරය හරහා භූමිය මතුපිට සිට පහළට  විහිදෙන පැළුම් හා දුර්වල ස්ථාන තිබේද යන්න විමර්ශනය කර බැලීමත් උමග හෑරීමේ දී බලපෑමක් වන දුර්වල පාෂාණ ස්ථර හඳුනාගැනීමක් ද සිදුවිය.

එම ඉදි කිරීමෙන් සිදුවන පාරිසරික හානි සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් කරන ලද විරෝධතාවයන් සලකා බලා එය තාවකාලිකව නතර කිරීමට එවකට සිට මහා මාර්ග අමාත්‍යවරයාට සිදුව තිබිණි.

මේ වනවිට නැවතත් ඒ පාරිසරික ශඛ්‍යතා අධ්‍යයනයන් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව මුද්‍රා සහිත ගෑස් ටැංකියක් ආශ්‍රිත පිපිරීමක්!

Next Post

20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබා දීමට තීරණය වෙයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.