අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වීරසේකරගේ සහ ෆොන්සේකාගේ කතාවල “මඩ“ කතානායක නියමයෙන් හැන්සාඩ් වාර්තාවෙන් ඉවතට!

by editor
දෙසැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයෙ රියර් අද්මිරාල් සරත් වීරසේකර එල්ලකරගෙන කළ කතාවේත්, අද  රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එල්ලකරගෙන කළ කතාවේත් අනවශ්‍ය කොටස් සියල්ල ඉවත් කිරීමට ලේකම්වරයා වෙත උපදෙස් දී ඇතැයි කතා නායකවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

කතානායකවරයා ඒ ප්‍රකාශ කළේ දශක ගණනාවක සිට පැවිත විත් දැන් පාර්ලිමේන්තුවේ දී දිගහැරෙන සරත් වීරසේකර හා සරත් ෆොන්සේකා ගැටුම ඉදිරියට ගෙන යමින් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර විසින් අද (10) පාර්ලිමේන්තුවේ දී කළ කතාව අවසන් වීමත් සමගය.

ඊයේ සමගි ජනබලවේගයේ මන්ත්‍රී සරත් ෆොන්සේකා සරත් වීරසේකර සම්බන්ධකරගෙන සිදුකළ ආවේගශීලී ප්‍රකාශන සහිත කතාවට අද මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර එවැනිම පිලිතුරක් ලබා දුනනේය.

ඔහු පැවසුවේ සරත් ෆොන්සේකා හැසිරෙන්නේ   මත්ද්‍රව්‍ය බී බෝක්කුවක් උඩ ඉන්නා අයිආර්සී කාරයෙක් ලෙස බවය.  තමාට ලැබී ඇති ෆීල්ඩ් මාර්ෂල් තනතුරු වෙල් විදානේ තනතුරකටත් වඩා පහළින් තබා හැසිරෙන බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“සන්ෂයින් සුද්දා මරපු නිසා ටිංකරින් ලසන්ත මැරුවා කියලා මා කිව්වෙ නෑ. ඒක අමූලික බොරුවක්. ඒක හැන්සාඩ් එකෙන් බලන්න පුලුවන්.“

‘ටිංකරින් ලසන්ත මැරුනෙ පොලිස් වෙඩි පරහරින්. ඒකට දොස් කියන ෆොන්සේකා මන්ත්‍රීවරයා ඒ සන්ෂයින් සුද්දා මරපු මංකොල්ල 11කට සම්බන්ධ දාමරිකයා  අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි කියලා අපෙන් ඇහුවෙ නෑ.“

“ඒ මරණයට මහේස්ත්‍රාත් පරීක්ෂණයක් තියනවා. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් තියනවා. දැන් ඒ නඩුව අධිකරණයේ  විභාග වෙනවා.“

“ජනතාවගේ ආරක්ෂාව උදෙසා දිවි පරදුවට තබලා පාතාලය මර්ධනය කරන පොලිසියට නිවට පොලිසියක් කියන්න  එක්කො පාතාලයෙ  හිතවතෙක්. එහෙත් නැතිනම්  මානසික විකෘතියක් තියන කෙනෙක්.“

“පොලිසිය මගේ තමයි.  මගෙ අරමුණ බියෙන් සැකෙන් තොර සමාජයක් හදන්න.  කාන්තාවන්ට වුනත් බියෙන් සැකෙන් තොරව රටේ ඕන තැනක යන්න පුලුවන් වාතාවරණයක් හදන්න පුලුවන්නම්  ඒක තමයි මගේ අරමුණ.  ඒක මම හොඳින් හෝ නරකින් කරනවා කියලා මම මේ සභාවෙ බය නැතිව කියනවා.“

“මා කායවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කළා. ඒකත් පාතාල අයට සම්බන්ධයි කියලා ඊයෙ කිව්වා. ඒක තරුණ කණ්ඩායමක් ණය මුදල් අරගෙන හොඳ උපකරණ අරගෙන ඉතාම  හොඳින් තමයි ඒ කායවර්ධන  මධ්‍යස්ථානය විවෘත කළේ.“

“මට ඒකට ආරාධනා කළේ කඩුවෙල උප නගරාධිපති. මම පොල්තෙල් පහන පත්තුකරලා එයාට සුභ පැතුවා. ඒ විදිහේ තරුණයො මෙහෙම දේවල්වලට පෙළඹෙන්නෙ නෑ. අපි ඒවා දිරිමත් කළ යුතුයි.“

“ෆොන්සේකා හිතනවා නම් මේක පාතාලයට සම්බන්ධයි කියලා වරප්‍රසාද වලට මුවාවෙලා නිවට ලෙස කතා කරන්නෙ නැතිව සී.අයි.ඩී එකට ඇවිත් පැමිණිලි කරන්න.“

අනතුරුව ලෝකයේ ආදර්ශමත් ෆීල්ඩ් මාර්ෂල්වරු ගැන කතා කළ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මින් ඉදිරියට අදාල මාතෘකා ඔස්සේ කතා නොකර, මන්ත්‍රීවරු අපහාස උපහාසවලට ලක් කරන මහජන නියෝජියන් නම් කර  සභාගර්භයෙන් ඉවත් කරන  ලෙසත් කතානායකගෙන්  ඉල්ලා සිටියේය.

කතාව අවසන් වූ පසු කතානායකවරයා කීවේ මේ දෙපාර්ශවයේම අනවශ්‍ය කතා කපා දැමීමට තමන් ලේකම්වරයාට නියෝග කළ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් එන්නත් ලබා නොගත් අයට මින් ඉදිරියට පොදු ස්ථාන තහනම්!

Next Post

නව මුද්‍රා සහිත ගෑස් ටැංකියක් ආශ්‍රිත පිපිරීමක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.