අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ වගකීම කමිටුවලට පවරන්න එපා… අනුර කතානායකගෙන් ඉල්ලයි..

by editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
anura-kumara-dissanayake-in-parliament
Share on FacebookShare on Twitter

යම් කිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණීමට, ඉන් පිටවීමට,  බියෙන් සැකයෙන් යුතුව කටයුතු කරන්නේ නම් එම බිය සැක නැතිකිරීම කමිටුවලට පවරා නිහඬවීමට කතා නායකවරයාට නොහැකි බවත්, ඒ සම්බන්ධ නිශ්චිත තීන්දුවක් දීමේ බලය, වගකීම ඇත්තේ   කතානායකවරයාට    බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා සම්බන්ධව නිශ්චිත ප්‍රශ්නයක් මතු වී ඇති බවත්,  යම් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ කතාවක්  පැවැත්වීමෙන් පසු පිටවී යන්නට  සිදුවන්නේ යම් මන්ත්‍රී කණඩායමක් විසින් පහරදීමට ඇති අවධානමට බියෙන් නම්,  එසේ  පිටවී යන්නට විවිධාකාර උපක්‍රම භාවිතා කරන්නේ නම් එතැන ඇත්තේ කවරාකාරයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි මන්ත්‍රීවරයා විමසුවේය.

අද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු විවාදයට සහභාගී වුනේ නැත. මේ අවස්ථාවේ දී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

“පාර්ලිමේන්තුවේ කවර හෝ මන්ත්‍රීවරයෙකු ඇති වී ඇති තත්වය මේකනම්, පාර්ලිමේන්තුවෙ කතා කළාට පස්සේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ඔහුට පහර දීමට උත්සාහ කරනවා නම්, ඔහුට සැඟවිලා පාර්ලිමේන්තුවෙන් එළියට යන්න සිද්ධ වෙනවා නම්, පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවතට  යන්න ඔබතුමාගේ දොරටුව පාවිචිච් කරන්න  සිද්ධ වෙනවා නම්,  මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවෙන් එළියට යන්න මන්ත්‍රීවරුන්ගෙ දොරටුව වෙනුවට මහජන පිවිසුම පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියනවා නම්  තමන්ගෙ වාහයන වෙනුවට  වෙන වාහනයක යන්න සිද්ධ වෙලා තියනවා නම් ඉන් පෙන්නුම් කරන්නේ කුමක්ද? මන්ත්‍රීවරයෙකුට අදහසක් ප්‍රකාශ කිරීමෙන් පසු යම්  රැකවරණයක් හා ආරක්ෂාවක් නොමැති බව.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඒ නිසා අපි බොහෝ දුරට කතානායක තුමනි අපි දැකලා තියනවා කමිටු සාකච්ඡා වාර්තා පිළිබඳව.  අපි දැක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා යම් පරීක්ෂණ සිද්ධවෙනවා මේ පාර්ලිමේන්තුවෙ සිදුවීම් පිලිබඳව. පහර දීම් පිළිබඳව. කිසිවක් හෙළිදරවු වුනේ නෑ.

ඒ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කරන්නේ නිශ්චිත ප්‍රශ්නයක්.  පාර්ලිමේන්තු සභාගර්භයට  හෝ පාර්ලිමේන්තුවට පැමිනීමට නොහැකි බව. පහරදීමක්සිදුවිය හැකි බව. එවැනි අවිනිශ්චිත තත්වයක් තුළ කොහොමද පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නෙ“

“අයවැය විවාදය 10 වැනිද ඉවරයි. ඔබතුමා කියන්නෙ හෙට හෝ අනිද්දා කමිටුවක් දානව කියලා.  ඔය කමිටු වාර්තාව එන්න තව මාසයක්වත් ගතවෙනවා. දිනපතා මන්ත්‍රීවරුන් රැස් වෙනවා. යළිත් මන්ත්‍රීවරුන්ගෙ ආරක්ෂාව පිලිබඳ  ප්‍රශ්නයක් මතුවෙලා තියනවා.“

මෙය ඔබතුමාගෙ වගකීම. මේක ඔබතුමාට මේක පෙනෙනවා. ඔබතුමා මේක දකිනවා. අවශ්‍යනම්  මේ සියලු දේ පටිගත වෙලා තියනවා . අනේක සියලුම හැසිරීම්  මේ ආකාරයෙන්ම පටිගත වෙනවා.  ඔබතුමා මේක බරපතල විදිහට ගත්තානම් ගිය සිකුරාදා  සෙනසුරාදා සිද්ධ වුනේ.  ඉරිදා දවසම තිබුණා. ඔබතුමාට තිබුණා හදිසි කාරණාවක් ලෙස පාර්ලිමේන්තු ඇවිත් ලේකම් තුමාලා කැඳවලා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා තීන්දුවක් ගන්න.

ඒ නිසා කල්මැරීමේ කමිටුවක් නෙමෙයි. ප්‍රතිපල නැති  කමිටු බවට පත් නොකර අද දිනයේ හෝ පැය කීපයක් වැය කරන්න. මේ  අවස්ථා කීපයට අදාල පටිගත කීරීමේ රූපරාමු  බලන්න පුලුවන්.  කමිටු මත වගකීම් පවරන්නේ  නැතිව ඔබතුමා ඍජු තීරණයක් ගන්න. එය ඔබතුමාගෙ වගකීම.  නිසි බලධාරියා ඔබතුමා. ඔබතුමා තීරණයක් ගන්න.

Share69Tweet43
Previous Post

තම ජීවිත අවදානමත් අරන් ප්‍රියන්ත බේරන්න ගිය මලික්ට සම්මානයක්

Next Post

“පාර්ලිමේන්තුව අනතුරක ද?. “සභානායකවරයා අසයි…

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.