පසුගිය දා ඉන්දියාවේ සංචාරයක යෙදුණු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට සැලසුම් කර තිබුණද එම අවස්ථාව මඟ හැරී මගහැරුණු බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය 30 වෙනිදා ඉන්දියාව බලා ගිය බැසිල් රාජපක්ෂ මහතා නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා හමුවීමට සැලසුම් කර තිබුණේ පසුගිය 02 දාය.
කෙසේවුවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ වන විට ඉන්දියානු සංචාරයට පැමිණ සිටි රුසියානු අග්‍රාමාත්‍යවරයාගේ හමුවීම් ඇතුළු කලින් යොදාගත් කටයුතු රැසකට කාලය ලබාදීමට සූදානමින් සිටියද ඔහුට බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් කාලයක් ලබා දීමට හැකියාවක් නොමැති වූ බව වාර්තා වෙයි.
මේ හේතුව නිසා මුදල් අමාත්‍යවරයා එදින තෙවැනි වරටත් ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරාමන් මහත්මිය සමඟ මෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය ජේ. ජයශංකර් මහතා සමඟ ද දෙවන වරටත් සාකච්ඡා පවත්වා තිබේ.
ඊට පෙර දින ද සැලසුම් කළ ආකාරයට ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම අවස්ථාවට ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතාද සහභාගී වී ඇත.
ඉන්දීය බලධාරීන් ට අමතරව මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන්ද සහභාගි වූ අතර ඔවුන් එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව මේ මොහොතේ දක්වන අනුග්‍රහය පිළිබඳව ද සාකච්ඡා පවත්වා ඇත.
එහිදී නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන දුෂ්කර තත්වය තමන්ට ඉතා මැනවින් අවබෝධ වන බවත් අසල්වැසි රටවල් සමග කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ලබාදීමට තමන් කටයුතු කරන බවත් මුදල් අමාත්‍යවරයා වෙත ප්‍රතිඥා දී ඇති බව සඳහන් වේ.
එසේ වුවද මේ සම්බන්ධයෙන් තවදුරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ අදාළ කරුණු සාකච්ඡා කිරීමට යොදා ගෙන තිබුණද නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය බහුලතාවය හේතුවෙන් ඔහු තමන් වෙනුවට ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මුණගැසී සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දී ඇත.
එහිදී රටවල් දෙකට අදාල වූ කරුණු සම්බන්ධයෙන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා සමඟ සාකච්ඡා කර ඇති අතර එදිනම යළිත් ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ලබාදී යුතු ආර්ථික ආධාර සම්බන්ධයෙන් මූලික සැලසුම් සකස් කර ඇති බව සඳහන් වේ.
බලශක්තිය, විදේශ සංචිත හිඟය, අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ආනයනය මෙන්ම ආයෝජන ඉන්දියාවෙන් ලබා ගැනීම පිළිබඳව ද මූලික වශයෙන් සාකච්ඡා වී ඇති අතර මෙහිදී ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරවල සංඛ්‍යාත්මක අගයන් පිළිබඳ පිළිබඳව මෙතෙක් හෙළිදරව් කර නැති බව සඳහන් වෙයි.
එම සාකච්ඡාවලට ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා අමාත්‍යවරයාත් සහභාගි වූ අතර එහිදී පැවැති විශේෂත්වයක් වන්නේ මුදල් ඇමති ලෙස රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය සහ මුදල් ඇමති සමග පිට පිට දෙවරක් දින දෙකක්ම සාකච්ඡා කිරීමය.







