මනම්පිටිය – නිමල් ජයරත්න –
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලිකන්ද වඩමුනේ සිට මැල්සිරිපුර දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ පහක් වඩමුනේ කැලෑබද ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීිසිය කියයි.
මඩකලපුවේ සිට වැලි ප්‍රවාහනයට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් නිකුත් කර තිබුනද අත්අඩංගුවට ගත් සැකකරුවන් වඩමුනේ ඔයෙන් ගොඩදමන වැලි ටිපර් රථ වලට පටවා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර ප්‍රවාහනය කිරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමේදී පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 35ත් අතර වයසේ පසුවන මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පරීක්ෂණ සිදු සිදුකරන වැලිකන්ද පොලිසිය පවසයි. ඔවුන් වැලි පටවා ගත් ටිපර් රථ පහ සමග අද ( 01) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය සඳහන් කරයි.







