රජය දැඩි ලෙස බාධා කළත් සමගි ජන බලවේගයේ විරෝධතාවයට විශාල ජන සංඛ්‍යාවක් සහභාගී වෙමින් ඇතැයි සමගි ජනබලවේග ආරංචි මාර්ග පවසයි.
විරෝධතාවය හේතුවෙන් කොළඹ නගරයේ මේවන විට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය වාර්තා කරයි.

ඒ අනුව විපක්ෂ නායක කාර්යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වා වු සර් මාර්කස් ප්‍රනාන්දු මාවත මුළුමනින් ම අවහිර වී ඇති බවත් ගාලු පාර අවහිරවී ඇති බවත් වාර්තා වේ.
විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටීම හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇතිවී ඇති බව පොලිසිය කීවේය.
මෙම විරෝධතාවය හැකිනම් පවත්වන ලෙස පොලිසිය භාර ඇමති විශ්‍රාමි රියර් අද්මිරාල් සරත් වීරසේකර අභියෝග කළේය. සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විරෝධතාවය පැවැත්වීමට ඉඩ නොදෙන බව කීවේය. මේ විරෝධතාවය ඉලක්ක කරගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කළේය. උදේ සිට එන වාහන ගණනාවක් මගදී පොලිසිය යොදා හරවා යැව්වේය.
එහෙත් විශාල ජන සහභාගීත්වයක් සහිතව විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විරෝධතාවය පැවැත්වෙන බව සමගි ජන බලවේග ආරංචි මාර්ග තහවුරු කළේය.







