කීර්ති ප්රනාන්දු
රාජ්ය බුද්ධි සේවයේ අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින් පැය 8 ක පමණ ප්රකාශයක් ලබාදී තිබේ.
හෙට දිනයේ ද තවදුරටත් ප්රකාශ ලබාගැනීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් කැඳවා ඇතැයි වාර්තා වේ.
මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ව ප්රකාශ ලබා ගැනීම සඳහා කැදවූත් එතුමා එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණීයේ නැත.







