ඝාතනයට ලක්වූ ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි ගේ පුතු යසිෆ් අල් ඉස්ලාම් ගඩාෆි එරට එළැඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීමට ලියාපදිංචි වී ඇත.
ඒ අනුව එළැඹෙන දෙසැම්බර් 24 වැනිදා ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.
යසිෆ් ගඩාෆි විසින් සාම්ප්‍රදායික ලිබියානු ඇදුමකින් සැරසී මැතිරවණයට ලියාපදිංචි වීමට පැමිණ ඇති අතර එහිදී තමන් සහ තම ජනතාව සත්‍ය මත පදනම්ව විනිශ්චය කරන ලෙස මාධ්‍ය වෙත පවසා ඇත.
ගාඩාෆිගේ පුතු මැතිරණයට ඉදිරිපත් වීමත් සමඟ ඇතැම් මැතිවරණ නීරීක්ෂකයින් මැතිවරණයේ ස්වාධීන භාවය පිළිබඳ සැකයක් ඇතිවිය හැකි බවට අනතුර ඇඟවීමක්ද සිදුකර තිබේ.
කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් විසින් මැතිවරණය කඩාකප්පල් කරණ පිරිසට දැඩි සම්බාදක වලට මුහුණ දීමට සිදුවෙනු ඇති බවටද අනතුරු අඟවා ඇත.
ගඩාෆිගේ දේශපාලන ආගමනයත් සමඟම ලිබියාව තුල දේශපාලනික කඳවුරු දෙකක් නිර්මාණය වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේවන විට ලිබියාව තුල නිර්මාණය වී ඇති දේශපාලනික අස්ථාවරය ඇතැම් විට ගඩාෆිට වාසිදායක විය හැකි බවටද දේශපාලන විශ්ලේෂකයින් පෙන්වාදෙයි.
සිය පියාගේ මරණයත් සමඟ වසර හයක කාලයක් සිරගත කර සිට අතර මරණ දණ්ඩනයද නියම විය කෙසේ වෙතත් පසුව එම තීරණය අවලංගු විය. කෙසේ වෙතත් ගඩාෆි යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය විසින් වරෙන්තු නිකුකර ඇත.







